දැක්ම
“සතුටුදායක අනාගතයක් සඳහා සමබර පෞරුෂයකින් යුත් විශිෂ්ට පුද්ගලයන් බිහි කිරීම”
මෙහෙවර
කාර්යක්ෂම හා ඵලදායී කළමනාකරණ ක්‍රියාවලියක් තුළින් ගුණාත්මක පාසල් පද්ධතියක් නිර්මාණය කිරීම
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය
T.N.හෙට්ටිආරච්චි මිය
කලාප අධ්‍යාපන අධ්යක්ෂ – මාතලේ
මාතලේ කලාපයේ අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමට අපගේ අධ්‍යාපන නිලධාරීන්, සේවාස්ථ උපදේශකවරුන්, සම්පත් දායකයින්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දරණ සුවිශේෂී උත්සාහය පිළිබඳව මගේ ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.ඔබගේ කැපවීම අපගේ ජයග්‍රහණ හා විශිෂ්ටත්වය සඳහා ඉමහත් පිටිවහලක් වී ඇත.
අධ්‍යාපන නිලධාරීනි, අපගේ මූලික අභිප්රායන් සාර්ථක කරගැනීමට ඔබගේ උපාය මාර්ගික මගපෙන්වීම ඉමහත් රුකුලක් වූ බව සඳහන් කරනු කැමැත්තෙමි.උපදේශකවරුනි, වෘත්තීය සංවර්ධනය සඳහා ඔබගේ කැපවීම අපගේ ගුරු ප්‍රජාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වී ඇත.සම්පත් දායකයිනි, ඔබේ ප්‍රවීණත්වය අධ්‍යාපනික අත්දැකීම් මෙම කාර්යය සඳහා වූ බලපෑම අති මහත්ය.විදුහල්පතිවරුනි, ඔබේ නායකත්වය මගින් පාසල් ක්‍රියාකාරිත්වය සුමටව සිදු කිරීම, දිරිගන්වනසුලු පරිසරයක් නිර්මාණය කිරීමට දැරූ වෙහෙස අපමනය.ගුරුවරුනි, තරුණ මනස පෝෂණය කිරීමට ඔබ කරන කැපවීම ප්‍රශංසනීයයි. ඔබගේ සාමූහික දායකත්වය අපගේ සාර්ථකත්වයේ පදනම වන අතර, අප එක්ව වැඩ කිරීමෙන් ඉදිරි අධ්‍යයන වර්ෂයේදී ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකි වෙතැයි මට විශ්වාසයි.ඉහල මට්ටමේ අධ්‍යාපනයක් සඳහා ඔබගේ කැපවීම හා කැපී පෙනෙන උත්සාහයට ස්තූති වන්ත වෙමි.